අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ අධි සංවේදී තොරතුරු ඉරානය වෙත - පුද්ගලයින් 9ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්
By Kaushi
ඉරානය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට බහරේනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමඟ එක්ව බහරේනය තුළ ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැළසුම් කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ලයින් 9 දෙනාට චෝදනා එල්ලවී තිබෙන බවයි.
එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් පසුව ඉකුත් මාර්තු මාසයේදී අදාළ පුද්ගලයින් බහරේන පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එමෙන්ම ඔවුන් බහරේනය තුළ පිහිටා ඇති අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ඡායාරූප ඇතුළු අධි සංවේදී තොරතුරු ඉරානය වෙත සපයා ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.