ඔයත් නිතරම ෆෝන් එකේද? සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම ගැන අනතුරු ඇගවීමක්
මේ වනවිට වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා අරමුණු විරහිතව, දිගින් දිගටම දුරකතනය මගින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාලය නාස්ති කරන්න පුරුදු වී ඇත.
මෙලෙස අධික ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අපගේ මානසික සුවතාවයට බෙහෙවින් හානි කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආයතනයක් මගින් නිකුත් කළ "ලෝක සතුට" පිළිබඳ වාර්තාව තුළ පෙන්වා දී තිබේ
විශේෂයෙන්ම බටහිර රටවල ජීවත් වන තරුණ ගැහැණු ළමයින්ට මෙයින් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කර ඇත.
ඒවගේම විදෙස් පර්යේෂකයෙකු වන මයිකල් ප්ලාන්ට් (Michael Plant) මේ සම්බන්ධයෙන් පළකර ඇත්තේ මෙවන් අදහසක්
"ඔබ දවසට පැයක් විතර සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් ඒක හොඳයි, මොකද ඒකෙන් අන් අය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔබ සමාජ මාධ්‍යවල වැඩිපුර කාලය ගත කරන තරමට, ඔබේ මානසික සතුට අඩු වෙනවා." යනුවෙනි.
තවද පසුගිය වසර 10 තුළ අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල වයස අවුරුදු 25ට අඩු තරුණ පිරිස්වල මානසික සුවතාවය වේගයෙන් පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිඩ්නි ග්‍රෝව්ස් (Sydney Grows) යනු 2021 වසරේ සිට ටික්ටොක් හරහා සෞඛ්‍ය සහ ශරීර සුවතාවය පිළිබඳ වීඩියෝ නිර්මාණය කරන තරුණියකි. ඇය පවසන්නේ සමාජ මාධ්‍ය නිසා තමන්ට හොඳ අවස්ථා ලැබුණු වන බවයි.
කෙසේ වෙතත්, එහි ඇති නරක පැත්ත ගැන ඇය පවසා ඇත්තේ
"මට හොඳ කමෙන්ට්ස් 100ක් ලැබුණත් ඒක හිතට දැනෙන්නේ නැහැ. හැබැයි එක නරක කමෙන්ට් එකක් ආවොත් ඒක හිතට තදින්ම දැනෙනවා, රිදෙනවා. දැන් මම අවුරුදු 4ක් තිස්සේ ඒ වගේ දේවල් දරාගන්න පුරුදු වෙලා ඉන්නවා." යනුවෙනි.
මේ මොන වාර්තා තිබුණත් වර්ථමානය වනවිට සමාජ මාධ්‍ය දැන් අපේ ජීවිතවලින් ඉවත් කළ නොහැකි කොටසක් වී ඇත.
කිසිදූ රජයකට හෝ වෙනත් අයෙකු හට ඔබ ඒවා පාවිච්චි කරන එක නතර කිරීමේ හැකියාවක් ද නැත.
මේ හේතුවෙන් ඔබ කළ යුත්තේ ස්වයං පාලනයක් ඇති කරගත යුත්තේ ඔබමය. නැතහොත් ඔබ තුළ ස්වයං පාලනයක් නැති වුවහොත් ඔබට විවිධ නරක දේට මුහුණ දෙන්නට සිදුවනු ඇත.