ට්‍රම්ප්ගෙන් පස්සේ දුව ඉවන්කා ට්‍රම්ප්වත් මරන්න කුමන්ත්‍රණයක්
2024 ඇමරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ වූ දා සිට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඝාතන උත්සාහ කිහිපයක් වාර්තා වී ඇති අතර, එම සියලු සිද්ධිවලින් ඔහු අනතුරෙන් බේරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ඊයේ ධවල මන්දිරය ආසන්නයේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු ආරක්ෂක අංශ වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඇමරිකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවතත් දැඩි අවධානයක් යොමුවී තිබේ.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් දේශපාලනික තත්ත්වය හේතුවෙන්, මෙම ප්‍රහාර උත්සාහයන් පිටුපස ඉරාන සම්බන්ධතා තිබේදැයි විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම පසුබිම තුළ, ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත.

එම වාර්තාවට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සම්බන්ධ මොහොමඩ් බකර් සාද් ඩාවුඩ් අල්-සාදි නම් පුද්ගලයෙකු මෙම සැලසුමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබේ. 2020 වසරේදී ඉරාන හමුදාපති කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස ඉවන්කා ට්‍රම්ප් ඉලක්ක කර ඇති බවද වාර්තා සඳහන් කරයි.
ඉවන්කා ට්‍රම්ප් මේ වන විට සිය සැමියා වන ජැරඩ් කුෂ්නර් සමඟ ෆ්ලොරිඩාවේ පිහිටි ඩොලර් මිලියන 24ක සුඛෝපභෝගී නිවසක ජීවත් වෙයි. තවද, සැකකරු විසින් ඉවන්කාගේ නිවසේ සිතියමක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර “ඔබගේ මාලිගා හෝ බුද්ධි අංශ ඔබව බේරා ගත නොහැක” යනුවෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් පළ කර තිබූ බවද සඳහන් වේ.
එම පුද්ගලයා මැයි 15 වනදා තුර්කියේදී අත්අඩංගුවට ගෙන පසුව ඇමරිකාවට පිටුවහල් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.