සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්

Report

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු "සම්පූර්ණ වීමට ආසන්න" බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සපථ කර ඇත.

අද (02) ජාතිය අමතමින් වොෂින්ටනයේ සිට ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවය.

ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි

ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් "ශිලා යුගය" දක්වා ආපස්සට ඇද දමන බවට අනතුරු අඟවා ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අමෙරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත්, එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවත්ය.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහයන් සහ කලාපීය නොසන්සුන්තාවයන් මධ්‍යයේ ජාතිය අමතමින් ඔහු දැඩි ලෙස පවසා සිටියේ ඉරානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම්, එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවයි.

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

එමෙන්ම ඔහු එම ඇමතීමේදී මින් පෙර සිදුවූ ලෝක යුද්ධ ඇතුළු විවිධ යුද්ධයන් හා එහි කාලරාමුද සිහිපත් කිරීම විශේෂ කරුණකි.

ඔහු කල ජාතිය ඇමතීමේ වීඩියෝ දර්ශණ පහතින්,

පාන්දරම භූමිකම්පාවක් - රටවල් 3කට සුනාමියක් එන්න පුළුවන් - සුනාමි අනතුරු නිකුත් කරයි

පාන්දරම භූමිකම්පාවක් - රටවල් 3කට සුනාමියක් එන්න පුළුවන් - සුනාමි අනතුරු නිකුත් කරයි