හොදින් බැයිනම් නරකින් හරි අපි ග්‍රීන්ලන්තය අල්ලගන්නවා -ට්‍රම්ප්
‘පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් තහවුරු කර තිබේ. ඔහු පවසා ඇත්තේ, ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත්, අනාගතයේදී රුසියාව හෝ චීනය එය අත්පත් කරගත හැකි බවයි.
"පහසුවෙන් ග්‍රීන්ලන්ත භූමිය අත්පත් කර ගැනීමේ ගිවිසුමට එළැඹීමට නොහැකි නම්, දුෂ්කර ආකාරයෙන් එය කිරීමට සිදුවෙනවා" යැයි ට්‍රම්ප් පවසයි. ඒ අනුව, "ඔවුන් කැමති වුණත් නැතත් අපි ග්‍රීන්ලන්තයේ යමක් කරන්න යනවා. අපි එය නොකළොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනීවි. අපට රුසියාව හෝ චීනය අසල්වැසියෙක් කරගන්න ඕන නැහැ"
යැයි ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසීය. කෙසේ වෙතත්, ග්‍රීන්ලන්ත පක්ෂ විපක්ෂ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තමන්ට අමෙරිකානුවෙන් වීමට අවශ්‍ය නොමැති බවය. එමෙන්ම ඩෙන්මාර්ක ජාතිකයන් වීමටද අවශ්‍ය නොමැති බව ඔවුන් පෙන්වා දී ඇත.
"අපි ග්‍රීන්ලන්ත ජාතිකයන් වීමට කැමතියි. ග්‍රීන්ලන්තයේ අනාගතය ග්‍රීන්ලන්ත ජනතාව විසින් තීරණය කළ යුතුය."
ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක පාලනය යටතේ පවතින රටක් වුවද, එරටට අනන්‍ය වූ ස්වාධීනත්වය සහ ජාතික හැඳුනුම ඇත.
යනුවෙන් ඔවුන් අදහස් දක්වා තිබේ.