ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන සිතියමක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසුවේලාව අමෙරිකානු ධජය සහිතව “51 වන ප්‍රාන්තය” ලෙස දැක්වෙන සිතියමක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප් සිය “Truth Social” ගිණුම හරහා මෙම මතභේදාත්මක සිතියම පළ කර ඇති බවයි.
චීනය බලා ගමන් කරමින් සිටියදී ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර, එය මේ වනවිට දැඩි කතාබහකට ලක්ව ඇත.
මෙම සිදුවීම සිදුවන්නේ, දිනකට පෙර වෙනිසුවේලාවේ අන්තර්වාර ජනාධිපතිනිය ඩෙල්සි රොඩ්රිගස් තම රට අමෙරිකාවේ “51 වැනි ප්‍රාන්තය” බවට පත්වීම කිසිදු අවස්ථාවක සලකා නොබැලූ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
Fox News සමඟ සඳුදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසා තිබුණේ, තෙල් සම්පත් වලින් පොහොසත් වෙනිසුවේලාව අමෙරිකාවේ නව ප්‍රාන්තයක් බවට පත් කිරීම “සලකා බලමින් සිටින” බවයි.
කෙසේ වෙතත්, එම අදහස දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ඩෙල්සි රොඩ්රිගස් අවධාරණය කර තිබුණේ, වෙනිසුවේලා ජනතාවගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය කිසිසේත් අතහැර නොදමන බවය.