රිපබ්ලිකන් පක්ෂය දිනුවොත් සෑම වැඩිහිටියෙකුටම ඩොලර් 5,000ක් - ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක මැතිවරණ පොරොන්දුවක්

Report
Courtesy: AL JAZEERA

2026 නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බහුතරය රඳවා ගතහොත්, සෑම වැඩිහිටි ඇමරිකානු පුරවැසියෙකුටම ඩොලර් 5,000ක මුදලක් ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඩලස් හි පැවති රිපබ්ලිකන් පක්ෂ සමුළුවක් අමතමින් ට්‍රම්ප් මෙම වැඩසටහන “ට්‍රම්ප් ලාභාංශය” (Trump Dividend) ලෙස හඳුන්වා දුන්නේය.

“රිපබ්ලිකන් පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔබත් ජයග්‍රහණය කරනවා. ඔබට ඩොලර් 5,000ක් ලැබෙනවා”

යනුවෙන් ට්‍රම්ප් එහිදී පැවසීය.   

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හතරක් වන අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයින්ගේ ධුර කාලය වසර දෙකකි. ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය මැදදී මධ්‍ය කාලීන මැතිවරණය පැවැත්වේ.

මෙවර මධ්‍ය කාලීන මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ම සහ සෙනෙට් සභාවේ ආසන 100න් තුනෙන් එකකට ආසන්න වන ආසන 35ක් සඳහා මැතිවරණ පැවැත්වීමට නියමිතය. මීට අමතරව ප්‍රාන්ත 39ක ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීම සඳහාද මැතිවරණ පැවැත්වේ.

මෙම මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රසයේ සභා දෙකෙහිම බහුතරය අහිමි වුවහොත්, ට්‍රම්ප්ගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක තුළ නව නීති සම්මත කර ගැනීම සහ රජයේ වැඩසටහන් සඳහා අරමුදල් ලබා ගැනීම අභියෝගයට ලක්විය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් තමන් සෘජුව තරග නොකරන මධ්‍ය කාලීන මැතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂකයින්ට සහාය ලබාදෙන ලෙසද ට්‍රම්ප් ඡන්දදායකයින්ගෙන් ඉල්ලා තිබේ.

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

ඇමරිකානු වැඩිහිටි ජනගහනය මිලියන 245ක් පමණ වන බැවින්, එක් පුද්ගලයෙකුට ඩොලර් 5,000 බැගින් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2කට වැඩි මුදලක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබේ.

ට්‍රම්ප් පවසන්නේ තම පරිපාලනය විසින් පනවා ඇති ආනයන තීරුබදු මෙන්ම රටේ ආර්ථික වර්ධනය හරහා මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් සොයාගත හැකි බවයි.

කෙසේ වෙතත්, මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය වන අතර, ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණයද ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ඇති බව සඳහන් වේ. මේ හේතුවෙන් ආර්ථික විශේෂඥයින් මෙම යෝජනාවේ ප්‍රායෝගික හා මූල්‍ය හැකියාව පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.

මේ අතර, උද්ධමනය සහ ඉරානය සමඟ පවතින ගැටුම් ඇතුළු කරුණු හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනය පිළිබඳ ජනතා අතෘප්තිය ඉහළ යමින් පවතින බව මත විමසුම්වලින් පෙන්වා දෙන බවද වාර්තා වේ.

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමට අයදුම්පත්‍ර කැඳවයි - අයදුම් පත්‍ර මෙතනින්

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමට අයදුම්පත්‍ර කැඳවයි - අයදුම් පත්‍ර මෙතනින්

ට්‍රම්ප්ගේ ඩොලර් 5,000 පොරොන්දුව විවේචනය කළ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් එය මධ්‍ය කාලීන මැතිවරණයේදී පරාජයට පත්වීමේ බියෙන් ඉදිරිපත් කළ විශ්වාස කළ නොහැකි පොරොන්දුවක් ලෙස හඳුන්වා දී තිබේ.

මේ අතර, සිය කතාව අතරතුර ඉරානය සම්බන්ධයෙන්ද ට්‍රම්ප් අදහස් පළ කළේය. ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට ආසන්න බැවින් එරටට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ග අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය.

මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසුව මෙම ගැටලුව විසඳනු ඇති බවටත්, එමඟින් බොරතෙල් මිල පහළ යනු ඇති බවටත් බලාපොරොත්තු පළ කළ ට්‍රම්ප්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තම නමින් නම් කරන බවටද විහිළුවක් කර තිබේ.