මම ගැන තාම ඉරානය දන්නේ නැහැ - ට්රම්ප්ගෙන් දැඩි ප්රකාශයක්
ඊශ්රායලය සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වී ඇති බැවින්, ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බව ඩොනල්ඩ් ට්රම්ප් මහතා අවධාරණය කර ඇත.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතා ප්රකාශ කර ඇත්තේ, "ඉරානය කිසිදු අවස්ථාවක යටත් නොවනු ඇත. එක්සත් ජනපදය ඊශ්රායල-ඉරාන ගැටුමට මැදිහත් වුවහොත්, එය ආපසු හැරවිය නොහැකි ප්රතිවිපාකවලට මුහුණ දෙනු ඇත" යනුවෙනි.
මෙම තත්ත්වය තුළ එක්සත් ජනපදය ඊශ්රායලය සමඟ එක්ව ඉරානයට පහර දෙනු ඇත්දැයි විමසූ විට, ඩොනල්ඩ් ට්රම්ප් මහතා පවසා ඇත්තේ, "මට එය කළ හැකියි. නමුත් මම එසේ නොකරමි.මා කුමක් කරන්නේදැයි කිසිවෙකුටත් හරිහැටි නොදනී. ඉරානය දැනටමත් බොහෝ ගැටලුවලට මුහුණ දී සිටී" යනුවෙනි.