ට්‍රම්ප් රටවල් 14කට වැඩේ දෙන්න යන්නේ

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ, ලබන අගෝස්තු 1 සිට රටවල් 14ක භාණ්ඩ සඳහා ඉහළ තීරුබදු පැනවීමට නියමිත බවයි.

රඹුටන් ඇටයක් හිරවී දරුවෙකු මියයයි

රඹුටන් ඇටයක් හිරවී දරුවෙකු මියයයි

ට්‍රම්ප් Truth Social හරහා නිකුත් කළ ලිපිවලට අනුව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය, ටියුනීසියාව යන රටවලින් ආනයනය වන භාණ්ඩවලට 25%ක තීරුබදු අය කිරීමට නියමිතය.

බොස්නියා, දකුණු අප්‍රිකාව සඳහා 30%ක්, ඉන්දුනීසියාව සඳහා 32%ක්, බංග්ලාදේශය සහ සර්බියාව සඳහා 35%ක් වන අතර, කාම්බෝජය සහ තායිලන්තය සඳහා 36%ක් පනවනු ඇත.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

ලාඕසය සහ මියන්මාරය සඳහා ඉහළම තීරුබදු අනුපාතය වන 40%ක් නියම කර ඇති බවත්, “ඇමරිකාව සමඟ පවතින සබඳතා අනුව” මේ අනුපාත යළි සලකා බලනු ඇති බවත් ලිපිවල සඳහන්ය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් සඳහන් කළේ තවත් රටවල් වෙතද ලිපි යැවීමට නියමිත බවයි.

මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

සඳුදා පස්වරුවේදී, මෙම තීරුබදු ක්‍රියාත්මක වීමට නියමිත කාලය බදාදා සිට අගෝස්තු 1 දක්වා කල් දැමීමට ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබීය.

එම නියෝගය “ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලැබුණු නිර්දේශ මත” යැයි දැක්වෙයි.