තාමත් පුටුවලට අල්ලන අඩව් ඉවර නැහැ

Report

මැතිවරණ කොමිෂන් සභාව වෙත පළාත් පාලන ආයතනවලට සුදුසු සභිකයන්ගේ ලැයිස්තු ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව ප්‍රකාශ කරයි.

ඒ පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගන්නා විට දේශපාලන පක්ෂවල මතු වී තිබෙන විවිධ ගැටලු සහ අරබුද නිසා බව සඳහන්.

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසන්නේ මෙම තත්ත්වය මත තවදුරටත් පළාත් පාලන ආයතන පිහිටු වීම ප්‍රමාද වනු ඇති බවයි.

තවද මැතිවරණ කොමිෂන් සභාව මෙම ප්‍රමාදය සැලකිල්ලට ගෙන සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ සතියක කාලයක් තුළ දී අඳාළ සභිකයන් නම් කර එවන ලෙසයි.

නාමල්ටයි බිරිදටයි මිලියන 146.5 රත්‍රන්..අයිතිය ගැන හෙළිවේ?

නාමල්ටයි බිරිදටයි මිලියන 146.5 රත්‍රන්..අයිතිය ගැන හෙළිවේ?

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ පළාත් පාලන ආයතනවලට පත් කරන සභිකයන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කළ හැක්කේ අඳාළ සියලු නාම ලේඛන ලැබීමෙන් පසු බවයි.