මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්වෙයි

Report

එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනතාවට සුරක්ෂිතව හා සාමකාමීව උත්සව සමය සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ලබාදුන් උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව නිවේදනයේ සඳහන් වේ.

අලුත් අවුරුද්දට මත්පැන් අලෙවිසල් වැහෙන දිනවල් මෙන්න

අලුත් අවුරුද්දට මත්පැන් අලෙවිසල් වැහෙන දිනවල් මෙන්න

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම ආරක්ෂක ජාලය ක්‍රියාත්මක වන අතර, උත්සව සමයේ පැවැත්වෙන සංගීත සංදර්ශන, ප්‍රජා උත්සව සහ ආගමික වැඩසටහන් සඳහා විශේෂ අවධානය යොමු කෙරෙන බවද සඳහන් කරයි.

මෙම මෙහෙයුම් සම්බන්ධීකරණය සඳහා කොළඹ පොලිස් මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද ඊට අනුයුක්ත කර ඇත.

ඇමති නලින්දගේ සැර ප්‍රකාශය එක්ක GMOA වර්ජනය හෙට අවසන්

ඇමති නලින්දගේ සැර ප්‍රකාශය එක්ක GMOA වර්ජනය හෙට අවසන්

එමඟින් තොරතුරු හුවමාරුව හා හදිසි තත්ත්වයන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

හදිසි අවස්ථාවන්හිදී සහය ලබාගැනීම හෝ ආරක්ෂක තොරතුරු ලබාදීම සඳහා පහත අංක සහ විද්‍යුත් තැපෑල සක්‍රීයව පවතින බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි:

දුරකථන අංක: 011-2013051 / 011-2027148 / 011-2027149 / 011-2430912

විද්‍යුත් තැපෑල: igp.opsroom@police.gov.lk

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්