වෙඩි ප්‍රහාරයකින් මියගිය මිද්දෙණියේ කජ්ජාගේ පුතා ගිනි අවියක් එක්කම අත්අඩංගුවට
ඉකුත් වසරේදි වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ මිද්දෙණියේ කජ්ජාගේ පුතා විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමඟ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගිනි අවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
වැටලිම් නිලධාරින් සඳහන් කළේ එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදේශීය රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනි අවියක් බවයි.
එමෙන්ම එම ගිනි අවිය වීරකැටිය, යග්ගස්මුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සැකකරු සමග අත්අඩංගුවට ගෙන ඇත.
ශිරන්තිගේ නඩුවේ හදිසි හැරවීමක්.. හෘද සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම්දෙන්නයි නියෝගයක්
එසේම වැටලීම් නිලධාරින් සඳහන් කර ඇත්තේ මෙම සැකකරු මිද්දෙණිය පොලිස් වසමේදී සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් දෙදෙනකු සමඟ මියගිය විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා’ නමැත්තාගේ පුත්‍රයා බවයි.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙන අතර, සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව සඳහන්.