මෙරට ප්රථම මගී ප්රවාහන ඩ්රෝන යානය දිවයිනට - පළමු පියාසර වාරය අගෝස්තු
By Mithu
ශ්රී ලංකාවේ ප්රථම මගී ප්රවාහන ඩ්රෝන යානය දිවයිනට පැමිණ ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.
මෙම මගී ප්රවාහන ඩ්රෝන යානයේ මංගල පියාසර වාරය මෙම මාසය අවසානයේදී කොළඹ වරාය නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එක් වරකට මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම යානයට විනාඩි 30ක කාලයක් අඛණ්ඩව පියාසර කිරීමේ තාක්ෂණික හැකියාව පවතී. ඩ්රෝන තාක්ෂණය මත පදනම් වූ ගුවන් යානා ජාත්යන්තර වෙළඳපොළට හඳුන්වාදීම වේගවත් කිරීම සඳහා EHang සමාගම විසින් දියත් කරන ලද “Global Fast Track Program” වැඩසටහන හරහා ශ්රී ලංකාවට මෙම අවස්ථාව හිමිව තිබේ.
මේ අනුව මෙම මගී ඩ්රෝන යානාවල ප්රධාන මෙහෙයුම් මධ්යස්ථානය ලෙස කොළඹ වරාය නගරය නම් කර ඇති අතර, ඉදිරියේදී සීගිරිය, පිදුරංගල සහ ඒ ආශ්රිත ප්රදේශයන්හි සංචාරකයන් වෙනුවෙන් ද මෙම පියාසර වාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.