මුහුද රළු වෙයි - ධීවර හා නාවික ප්රජාවට අනතුරු ඇඟවීමක්
By Malith Madushan
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශ සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, එමඟින් මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, අදාළ මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අද (18) පස්වරු 4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (19) පෙරවරු 1.00 දක්වා වලංගු වේ.