දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් - මට්ටම 2 ඇම්බර් නිවේදන නිකුත් කෙරේ

Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

අද (18) පස්වරු 6.00 සිට හෙට (19) පස්වරු 6.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නිවේදනය බලංගු වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 (අවධානය යොමු කළ යුතුයි - ඇම්බර් )

කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට, මාවනැල්ල, බුලත්කොහුපිටිය සහ අරණායක මාතලේ දිස්ත්‍රික්කය: රත්තොට නුවරඑළිය දිස්ත්‍රික්කය: හඟුරන්කෙත, මතුරට, වලපනේ සහ නිල්දණ්ඩාහින්න රත්නපුර දිස්ත්‍රික්කය: ඇලපාත, කුරුවිට සහ රත්නපුර

ප්‍රතිකාර එපා කියූ කස්සප හිමි යළි සත්‍යග්‍රහයට

ප්‍රතිකාර එපා කියූ කස්සප හිමි යළි සත්‍යග්‍රහයට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 (විමසිලිමත් විය යුතුයි - කහ)

මීට අමතරව, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා "විමසිලිමත් වීමේ" (කහ) මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව නාය යෑම් ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, අවදානම් සහගත තත්ත්වයන්කදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

හෙට ප්‍රදේශ කිහිපයක රස්නය ඉහළට - ජනතාවට විශේෂ දැනුම්දීමක්

හෙට ප්‍රදේශ කිහිපයක රස්නය ඉහළට - ජනතාවට විශේෂ දැනුම්දීමක්