අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ගැන දැනුම්දෙයි

Report

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන ඔක්තෝබර් 21 වැනිදා පස්වරු 4:00ට මහනුවර, ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ආදාහන කමිටුව තීරණය කර තිබේ.

කලක් රෝගාතුරුව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන අපවත් වූහ. අපවත් වන විට 96 වැනි වියෙහි පසුවූ අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ, දීර්ඝ කාලයක් තිස්සේ සම්බුද්ධ ශාසනයේත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේත් අභිවෘද්ධිය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටුකළ යතිවරයන් වහන්සේනමකි.

මෙරටින් ඖෂධ පිටරටට යවන්නත් සැලසුම් - මෙරට පළමු ඉන්සියුලින් කර්මාන්තශාලාව නිරීක්ෂණයට ඇමති නලින්ද යයි

මෙරටින් ඖෂධ පිටරටට යවන්නත් සැලසුම් - මෙරට පළමු ඉන්සියුලින් කර්මාන්තශාලාව නිරීක්ෂණයට ඇමති නලින්ද යයි

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ගැන අවාසනාවන්ත ආරංචියක්

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ගැන අවාසනාවන්ත ආරංචියක්