අලුත් අවුරුද්දට මත්පැන් අලෙවිසල් වැහෙන දිනවල් මෙන්න
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් 13 සහ 14 යන දින දෙක තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
රජයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන මෙම නියෝගය අනුව, මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති සියලුම ස්ථාන එම දිනවලදී වසා තැබිය යුතු බව සඳහන් වේ.
ඒ අනුව, රටබීම හල්, සුරාසල්, මත්පැන් අලෙවි කරන හෝටල් හා ආපනශාලා සහ කැරෝකි ආපනශාලා ද මෙම නියෝගයට අයත් වේ.
මෙම නියෝගය උල්ලංඝනය කරමින් අලුත් අවුරුදු දිනවල මත්පැන් අලෙවි කරන බලපත්‍රලාභීන්ට එරෙහිව සුරාබදු නීතිය යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.