පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ගැන අවාසනාවන්ත ආරංචියක්

Report

ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව ආරම්භ කරන ලද පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය මේ වන විට දැඩි අපිරිසිදු තත්ත්වයකට පත්ව ඇති බව එහි වෙළෙඳුන් පවසයි.

දැඩි පරිපාලන අක්‍රමිකතා සහ නිසි නඩත්තු කටයුතු සිදු නොවීම හේතුවෙන් මුළු වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයම කසළ ගොඩක් බවට පත්ව ඇති අතර, එහි සමස්ත ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පැතිර පවතී.

සෞඛ්‍ය තත්ත්වය මත ශිරන්ති කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට

සෞඛ්‍ය තත්ත්වය මත ශිරන්ති කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට

දෛනිකව දහස් ගණනක් පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් ගැවසෙන මෙම ස්ථානයේ පවතින ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් කඩිනමින් මැදිහත් වී විසඳුම් ලබාදිය යුතු බව වෙළෙඳ ප්‍රජාව අවධාරණය කරයි.

අදාළ පියවර නොගතහොත් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

බරපතළ ගුරු හිඟයක් මතුවෙලා - ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකිව විශාල ගැටලුවක් - ලංකා ගුරු සංගමයෙන් නිවේදනයක්

බරපතළ ගුරු හිඟයක් මතුවෙලා - ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකිව විශාල ගැටලුවක් - ලංකා ගුරු සංගමයෙන් නිවේදනයක්