අග්බෝ ඇතා සොයා විශේෂ මෙහෙයුමක් - හමුදා කණ්ඩායමක් පිටත් වෙයි

Report

අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත මෙම කණ්ඩායම පිටත් කර යවා ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඇතා සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම කණ්ඩායමේ මැදිහත්වීමෙන් අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

වන අලින්ට එල්ලවන තර්ජන සම්බන්ධව විමර්ශනයක් ඉල්ලයි

වන අලින්ට එල්ලවන තර්ජන සම්බන්ධව විමර්ශනයක් ඉල්ලයි

''රටම ආදරය කළ කාවන්තිස්ස හස්තියාට සිදු වූයේ කුමක්ද?'' - මරණය ගැන විශේෂඥ කණ්ඩායමකින් පරීක්ෂණයක්

''රටම ආදරය කළ කාවන්තිස්ස හස්තියාට සිදු වූයේ කුමක්ද?'' - මරණය ගැන විශේෂඥ කණ්ඩායමකින් පරීක්ෂණයක්