වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ ඉඩම් හිමිකම ඉල්ලා බගවන්තලාවේදී කාන්තා විරෝධතාවක්

Report

වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තාවන් පිරිසක් අද (18) බගවන්තලාව නගරයේදී පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

'ආර්ථිකය උදෙසා වූ කාන්තා සංවිධානයක්' විසින් මෙම විරෝධතා පාගමන සහ උද්ඝෝෂණය සංවිධානය කර තිබූ බව අප වාර්තාකරුවෝ සඳහන් කරති.

මුහුද රළු වෙයි - ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

මුහුද රළු වෙයි - ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

වතුකම්කරුවන්ගේ නිවාස සහ ඉඩම් අයිතිය තහවුරු කිරීම, වැටුප් නොලබන සුරැකුම් ශ්‍රමය සුරැකීම, ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට වහා විසඳුම් ලබාදීම, පරිසර කෘෂිකර්මයට ප්‍රතිපත්ති සකස් කිරීම, ගොවියාගේ බීජ අයිතිය සුරැකීම සහ උග්‍ර විෂ සහිත කෘමිනාශක භාවිතය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් පෙරටු කරගනිමින් විරෝධතාකරුවෝ මෙලෙස සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළ කළහ.

හෙට ප්‍රදේශ කිහිපයක රස්නය ඉහළට - ජනතාවට විශේෂ දැනුම්දීමක්

හෙට ප්‍රදේශ කිහිපයක රස්නය ඉහළට - ජනතාවට විශේෂ දැනුම්දීමක්