අවදානම වැඩිවේ. සදුදා සිට ප්‍රතිකාර ක්‍රමයේද වෙනසක්

kalubowila Hel Treatments
By Sithumi Aug 05, 2021 01:45 PM GMT
Sithumi

Sithumi

Report

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවසේදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් එළැඹෙන සඳුදා (09) සිට ආරම්භ කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය.

එමෙන්ම,

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති බව වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වයේ පාලනයෙන් තොර ව්‍යාප්තියයි. 

 මේ හේතුව නිසා මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර මහ රෝහල සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගාල්ල කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කරන්නේ මේ වන විටත් රෝහලට දරාගත නොහැකි මට්ටමට රෝගීන් පැමිණෙමින් සිටින බවයි. කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින් සඳහා වාට්ටු තුනක් වෙන් කර ඇති අතර මේ වන විටත් එම වාට්ටු සියල්ල පිරී ඉතිරී ගොස් තිබෙනවා. 

 වැඩබලන අධ්‍යක්ෂ වරයාට අනුව ඊයේ දින තුළ පමණක් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකසිය හතලිහක්. මේ අතර රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම් ඩී ඒ රොද්‍රිගෝ ඊයේ සවස රෝහල් සේවකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රත්නපුර රෝහලේ ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. 

මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ රෝහල් තුළ මෙලෙස සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සිද්ධීන් වාර්තා වන්නේ කිහිපයක් පමණයි. දශක තුනක් පුරා පැවති එල්ටීටීඊ යුද සමයේ පවා කිසිදු අවස්ථාවක මෙරට රෝහල් පද්ධතිය තුළ මෙලෙස හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කෙරුනේ නැහැ. 

 2004 වසරේ රට මුහුණ පෑ බරපතලම ස්වභාවික ව්‍යසනය වන සුනාමි තත්ත්වය හමුවේ දිවයිනේ රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා මේ අතර රෝහල් තුළ සෞඛ්‍යමය හදිසි තත්වයන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය අමාත්‍යංශයේ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේය මතුවන ආපදාමය තත්ත්වයන් අනුව මෙලෙස හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.