අද සිට ක්‍රියාත්මක වන කොරෝනා රෝගීනට ප්‍රතිකාර කරන අලුත් ක්‍රමය
sri lanka
hospitals
helth ministry
Covid patients
By Sithumi
කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වලම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැකබලා ගැනීමේ නව වැඩසටහන ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
කොරෝනා රෝගීන් නිවාසවල රඳවා ඔවුන් සමග 1390 හරහා සෘජු දුරකතන අංකය ඔස්සේ සබන්ධතා ඇතිකර ගනිමින් රෝග ලක්ෂණ වැඩිදුර පෙන්වන සහ වසය අවුරුදු 60ට වැඩි රෝගීන් ඉක්මණින් රෝහල්ගත කිරීමටත් නව වැඩපිළිවෙළ යටතේ අවස්ථාව හිමිවන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
නිවෙස්වල සිටින කොරෝනා රෝගීන් සමග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දිනපතා දුරකතනයෙන් කරුණු විමසන අතර අවශ්‍ය රෝගීන් පමණක් රෝහල්වලට යොමු කිරීමට අවශ්‍ය කටයුතු යොදන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |