සංචාරක තහනම ක්‍රියාත්මක රටවල ලාංකිකයන්ට දිවයිනට පැමිණීමේ අවස්ථාවක්
covid19
India
Vietnam
Africa
travel restriction
By Sithumi
ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල ශ්‍රී ලාංකිකයින්ට පමණක් දිවයිනට පැමිණීමට අවසර ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ, සංචාරක අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ අවසරය මත ඔවුන්ට එලෙස දිවයිනට පැමිණීමේ අවස්ථාව හිමි වන බවයි.
එම රටවලින් පැමිණෙන ලාංකිකයන් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතත් දින 14ක නිරෝධායනය අනිවාර්ය බවයි ඇය කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |