කට්ටි පනින හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු සිව් දෙනකුට වැඩ වරදී - වහා ක්‍රියාත්මක වන විදෙස් ගමන් තහනමක්

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අඳාළව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ බාල පුත් ජෙරම් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල ඇතුලු සැකකරුවන් සිව් දෙනකුගේ විදෙස් ගමන් වහාම තහනම් කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (31) දින නියෝග කර තිබෙනවා.

ඒ අනුව වත්තල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ශ්‍රී විභූෂණ එම නියෝගය කර ඇත්තේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකී අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් දීර්ඝ ලෙස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සතොසට අයත් වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පෙරේදා (30) සවස අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කළා.

ජොනීගෙ පුතාව බලන්න ගිය නාමල් හොඳවයින් අමතයි

ජොනීගෙ පුතාව බලන්න ගිය නාමල් හොඳවයින් අමතයි

ඒ අනුව නියෝග කර ඇත්තේ සිද්ධියට අඳාළ එම සැකකරුවන් දෙදෙනා එළඹෙන 09 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

ඊට අමතරව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බවට හඳුනාගෙන තිබෙන නීතිපති උපදෙස් ප්‍රකාරව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පදිංචි ස්ථාන හැර ගොස් පොලිසිය මග හරිමින් සැඟවී සිටින බව දන්වා සිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එම සැකකරු සෙවීමට පොලිස් කණ්ඩායම් කීපයක් ද යොදවා ඇති බව දන්වා සිටි බව වාර්තා වේ.

තවද සැකකාර හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල සහ කොළඹ පදිංචි ස්ථාන රැසකට ගිය බවත්, ඔහු එම ස්ථානවල නොමැති බවත් දන්වා සිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැකකාර හිටපු ඇමැතිවරයා සිය ජංගම දුරකථනයද විසන්ධි කර සැඟවී සිටින බවට අධිකරණය වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අඳාළ සිද්ධියේ සැකකරුවන් වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ බාල පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල, අවභාවිත කළැයි කියන සතොස ලොරි රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ හීනටිගල විතානගේ සමන් නමැති අය විදෙස්ගත වීමට හැකි බවට සාධාරණ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින්, ඔවුන්ගේ විදෙස් ගමන් වහාම තහනම් කරන ලෙසයි.

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

එබැවින් අඳාළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය, හිටපු ඇමැතිවරයා ඇතුළු සිව් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කළ අතර, ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයා වහාම දැනුවත් කරන ලෙසද නියෝග කර ඇත.

එමෙන්ම පැමිණිල්ල සඳහා පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ මෙම සැකකරුවන්ගේ ක්‍රියා කලාපය නිසා එනම් සතොසට අයත් වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පැවැත් වූ විමර්ශනයේදී සතොස ආයතනයේ තිබූ එක් ලොරි රථයක් අවභාවිත කිරීම තුළින් රුපියල් දෙලක්ෂ හතළිස් හතර දහසක් (244,000) අවභාවිතයක් සිදුව ඇති බවට හෙළිව ඇති බවයි.

මේ අතර සැකකරුවන් සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ ලක්මාල් රත්නායක කරුණු ඉදිපත් කරමින් ඉල්ලා සිටියේ මීට වසර 09 කට ඉහතදී සිදුව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයන් අත්අඩංගුවට ගෙන ඇති හෙයින් ඔවුන් ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙසයි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අඳාළ සැකකරුවන් එළඹෙන 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් අනෙක් සැකකරුවන්ට විදෙස් ගමන් තහනම පැනවීමට නියෝග කර ඇත.

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි