ජොනීගෙ පුතාව බලන්න ගිය නාමල් හොඳවයින් අමතයි

Report

රිමාන්ඩ් කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිගේ පුතු බැලීමට අද දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගොස් ඇත. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුව සිය දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකරන බවයි.

එසේම ඔහු චෝදනා කළේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ලක්ෂ ගණනක් මහජන මුදල් නාස්ති කිරීමක් සිදුවන බවටයි.

එසේම තම පක්ෂයේ බහුතර සාමාජිකයන් මෙතෙක් අධිකරණයෙන් හෝ පොලිසියෙන් වැලකී නොසිටි බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන්ද පොලිසිය දුටු සැණින් පලා යන පිරිසක් ලෙසට පොලිසිය සලකන්නේද යනුවෙන්.

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

එමෙන්ම ඉකුත්දා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අහිමිවූ ජීවිත පිළිබඳව ආණ්ඩුව බැරෑරුම් ලෙස නොසලකන බවත්, එම තත්ත්වයන් වසන් කර ගැනීමට ව්‍යාපාරික ආයතනයක් හරහා සිදුවූ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ ගනුදෙනුවක් ‘මහා පරිමාණ වංචාවක්’ ලෙසට හුවා දක්වමින් සිටින බවත් ඔහු පැවසුවා.

ඊට අමතරව ආණ්ඩුවට මේ දක්වා විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වී ඇති අතර, එසේ තිබියදී කැබ් රථ මෙරටට ආනයනය කිරීම, බහාලුම් නිදහස් කිරීම සහ සහල් ආනයනය කිරීම වැනි ක්‍රියා සිදුකරන බවටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කර තිබෙනවා.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා තමන්ට රිසි විගණකාධිපතිවරයෙකු පත් කිරීමට උත්සාහ කරන්නේ කැබ් රථ 1700ක් ආනයනය කිරීමේ ටෙන්ඩරය ලබාගැනීම සඳහා යැයි තමන් සැක කරන බවයි.

රනිල්ගෙන් සජිත්ට ඇමතුමක් - හේතුව මෙන්න

රනිල්ගෙන් සජිත්ට ඇමතුමක් - හේතුව මෙන්න

හදිසි නීතිය ජනවාරි 6 සිට නැවතත් - රාසමානික්කම්

හදිසි නීතිය ජනවාරි 6 සිට නැවතත් - රාසමානික්කම්