අද මධ්‍යම රාත්‍රියේ සිට කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්..හෙට ගමන් යන අය මේ ගැන දැනුවත්ව යන්න..
අද (6) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය විසින් දැනුම්දී තිබෙනවා.
එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බවයි.
