දුම්රිය ගමන්වාර 10ක් හදිසියේම අවලංගු වෙයි.

Sri Lanka Train Strike
By krishani Feb 13, 2023 04:28 AM GMT
krishani

krishani

Report

අද (13) දිනයේ කාර්යාල දුම්රිය 5ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කර ඇත.

ඒ රියදුරන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස ය.

ඒ අනුව පොල්ගහවෙල - මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්, මහව - කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන - කොළඹ කොටුව සහ කුරුණෑගල - කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් ද, මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව - මරදාන , අලුත්ගම - මරදාන සහ කළුතර - මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් අවලංගු විය.

එමෙන්ම පුත්තලම මාර්ගයේ හලාවත - කොළඹ දක්වා ධාවනය විමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර දෙකක් ද අවලංගු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join