දුම්රිය වර්ජනයකට සූදානමක්..සංගමයෙන් රතු එළියක්..

Sri Lanka Train Strike
By Aruna Feb 10, 2023 12:19 AM GMT
Aruna

Aruna

Report

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වානිජ තනතුරට නුසුදුසු නිලධාරියෙකු පත් කළහොත් ක්ෂණිකව සියලු සේවා වාරවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ දූෂිත විධායක නිලධාරියෙකුට එම තනතුර සඳහා උසස්වීම් ලබා දීම සම්බන්ධයෙන් සිය විරෝධයද පළ කරන බවයි.

අදාළ නිලධාරියාට එරෙහිව පූර්ව විමර්ෂනයකට ලක් කරන ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now