දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්..! මෙන්න විශේෂ දුම්රිය කාල සටහන..

Sri Lanka Railways Department of Railways Railways Latest Headlines
By Sewvandhi Jan 06, 2025 12:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබේ.

ගමනාගමන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ද කොළඹ කොටුව සිට බදුල්ල දක්වාද විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙළක් සංවිධානය කර ඇති බව‍යි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ.

ඒම කාලසටහන පහතින්,

 විශේෂ දුම්රිය අංක 01 - කොළඹ කොටුව සිට බදුල්ල දක්වා

කොළඹ කොටුවෙන් පිටත් වීම - රාත්‍රී  07.30

2 ධාවනය කරනු ලබන දින -   2025 ජනවාරි 10,12,14,17,19,24,26,31

                                                   -  2025 පෙබරවාරි 02, 04

විශේෂ දුම්රිය අංක 02- බදුල්ල සිට කොළඹ කොටුව දක්වා

බදුල්ලෙන් පිටත් වීම - රාත්‍රී 07.40 

ධාවනය කරනු ලබන දින -   2025 ජනවාරි 10,12,14,17,19,24,26,31

                                                - 2025 පෙබරවාරි 02,04

විශේෂ නගරාන්තර දුම්රිය (4021 / 4022 ) - කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර

කොළඹ කොටුවෙන් පිටත් වීම - අළුයම 05.30 ට කන්කසන්තුරෙන් පිටත් වීම - දහවල් 01.50 ට

ධාවනය කරනු ලබන දින - 2025 ජනවාරි 10, 13,14,15,17,20,24,27,31

                                              - 2025.පෙබරවාරි 03,04

ReeCha