මෙවර ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් - ලකුණු 198ක්
2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල 2025 සැප්තැම්බර් 3 වන දින මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි හරහා මෙම ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කර ඇත.
පසුගිය අගෝස්තු 10 වන දින පැවති මෙම ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 303,672 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණෙන් ඉහළ ලකුණු ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198කි.
මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.
විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල සහ දෙමළ මාධ්‍ය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අතරින් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණෙන් ඉහළ ලකුණු ලබාගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
2025, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල හා දෙමළ මාධ්‍ය දිස්ත්‍රික් කඩයිම් ලකුණු ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 140ක් ලෙසයි එහි සඳහන් වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු 136ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 135ක් වනවා.
බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 134ක් වන අතර අනුරාධපුර, පොලොන්නරුව, පුත්තලම, අම්පාර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 133ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
කිලිනොච්චි, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 127ක් වනවා.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණ 134ක් වනවා.
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පිළිබඳ සම්පූර්ණ ලේඛනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.