වැලිකඩ පොලිසියේ රාජකාරි බස් ගමන් බලපත්‍ර පොත අස්ථානගත - පුළුල් විමර්ශනයක් ඇරඹේ

Report

වැලිකඩ පොලිස් ස්ථානයේ රාජකාරි බස් ගමන් බලපත්‍ර පොතක් දින 3ක් තිස්සේ අස්ථානගත වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. 

අස්ථානගත වී ඇති බලපත්‍ර පොත, භාවිතය ආරම්භ කර උප සේවය භාරයේ තිබූ අංක 2006001 සිට 2006100 දක්වා පිටු ඇතුළත් එකක් බව පොලිසිය පවසයි.ඉකුත් 31 වැනිදා එම බලපත්‍ර පොත සොයා බැලීමේදී එය අස්ථානගත වී ඇති බව අනාවරණය වී ඇත.

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

රාජකාරි බස් ගමන් බලපත්‍ර පොත යනු, දුර බැහැර මහේස්ත්‍රාත් අධිකරණයක නඩු කටයුත්තකට හෝ වෙනත් පොලිස් රාජකාරි කටයුත්තකට බස් රථයකින් ගමන් කිරීමට නිලධාරියකු හෝ නිලධාරීන් පිරිසකට අවශ්‍ය වූ විට, පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන සහ රබර් මුද්‍රාව සහිතව තාවකාලිකව නිකුත් කරනු ලබන ලේඛනයකි. මෙම සිදුවීමේදී අස්ථානගත වී ඇත්තේ එවැනි බලපත්‍ර පොතකි.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, සිදුවීම පිළිබඳ සියලුම පොලිස් ස්ථානවලට දුරකථන පණිවිඩ මගින් දැනුම් දීමට ද කටයුතු කර තිබේ. වැලිකඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු වැඩිදුරටත් පවත්වාගෙන යනු ලැබේ.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු