දැදුරු ඔයේ මාළු ඇල්ලුවොත් තෑගි ගොඩයි - වැඩිම මාළුවාට සම්මානයක්
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, සහ වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය එක්ව දැදුරුඔය ජලාශයේ “නාටියා පාලම” ආසන්නයේදී 20 වන දින අලුයම 5:00 සිට දහවල් 1:00 දක්වා “දැදුරු නයා” හෙවත් “ජයන්ට් ස්නේක් හෙඩ්” (Channa striata) මත්ස්‍යයන් බිලී පිති උපයෝගී කරගෙන ඇල්ලීමේ තරගයක් සංවිධානය කර ඇත.
තරග නීති
බිලී පිති භාවිතය: මසුන් ඇල්ලීම සඳහා බිලී පිති පමණක් භාවිතා කළ යුතුය. දැල් හෝ වෙනත් ධීවර ආම්පන්න භාවිතය තහනම්.
අනෙකුත් මසුන්: ජයන්ට් ස්නේක් හෙඩ් හැර වෙනත් මත්ස්‍යයන් බිලී පිතිවලට හසු වුවහොත්, ඒවා ආරක්ෂිතව ආපසු ජලාශයට මුදා හැරිය යුතුය.
මසුන් බෙදා ගැනීම: අල්ලා ගන්නා මසුන් බෙදා ගැනීමට හෝ ගෙන යාමට තරගකරුවන්ට අවසර නැත.
ත්‍යාග සහ ජයග්‍රාහකයන් තෝරා ගැනීම
[
ත්‍යාග:
ප්‍රථම ස්ථානය: රු. 25,000
දෙවන ස්ථානය: රු. 15,000
ත්‍රිතීය ස්ථානය: රු. 10,000
අතිරේක සම්මාන: සම්මාන 10ක් ප්‍රදානය කෙරේ.
ජයග්‍රාහකයන් තෝරා ගැනීම: ජයග්‍රාහකයන් තෝරා ගැනු ලබන්නේ අල්ලා ගන්නා මත්ස්‍යයන්ගේ ප්‍රමාණය (සංඛ්‍යාව) මත පදනම්වයි, බර මත නොවේ.
දැදුරුඔය ජලාශයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජයන්ට් ස්නේක් හෙඩ් මත්ස්‍යයා ස්වදේශීය මත්ස්‍ය විශේෂවලට තර්ජනයක් බව හඳුනාගෙන ඇත. මෙම ආක්‍රමණශීලී මත්ස්‍යයා ආරක්ෂිතව පරිසරයෙන් ඉවත් කිරීම මෙම තරගයේ ප්‍රධාන අරමුණයි.
ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ පරිසර ආරක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇති කිරීම.
වැඩි විස්තර සඳහා
තරගයට සහභාගි වීමට බලාපොරොත්තු වන අයට වැඩි විස්තර ලබා ගැනීම සඳහා 076 3834369 අංකයට ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.