පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්
By Mithu
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව සීමා කර තිබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (2026 මැයි 14) පස්වරුවේ සිට නැවත යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අද පස්වරු 3.00 සිට සියලුම දුම්රියන් නියමිත කාලසටහනට අනුව පුත්තලම දක්වාම ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ තිල්අඩිය ප්‍රදේශය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම නිසා ඊයේ (13) දින දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, අදාළ ප්‍රදේශවලින් ගංවතුර බැස යාමත් සමඟ මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව මෙලෙස මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර ඇත.
මෙය දින කිහිපයක් පුරා ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ දුන් පුත්තලම සහ ඒ අවට ප්‍රදේශවල දුම්රිය මගීන්ට විශාල සහනයක් වනු ඇත.