දුම්රිය ආසන වෙන් කිරීමේදී නව නීතියක් - දැන් ආසන වෙන් කරන්නේ මෙහෙමයි

Report

දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය මෙතෙක් සිදුකළ ආකාරයට නොව නවතම ආකාරයකට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ආසන වෙන්කර දුම්රියේ ගමන් ගන්නා මගීන් පරීක්ෂාවට නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබේ. දුම්රිය ආසන වෙන් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කර ඇත්දැයි පරීක්ෂා කිරීම මේ වනවිට අනිවාර්යයෙන් සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ආසන වෙන් කිරීමේ ටිකට් පත් වැඩි මිලට මුදලට අලෙවි කිරීමේ ජාවාරම් පිළිබඳ පැමිණිලි ඉහළ යාමත් සමග එම තීරණය ගත් බවයි.

ඒ අනුව මින් ඉදිරියට දුම්රිය ආසන වෙන්කර ඒවායෙහි ගමන් කළ හැක්කේ අදාල ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ මගීන්ට පමණක් බව ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර

වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර