බ්‍රහස්පතින්දා දුවන්න තිබ්බ දුම්රිය දින නියමයක් නැතිව නවත්වයි! අවලංගු කිරීමට හේතුව මෙන්න...
දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා (21) සිට ආරම්භ කිරීම සඳහා දන්වා තිබූ මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම අද පෙරවරුවේ අවලංගු කර නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් පවසනවා.
දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා සිට නැවත ආරම්භ කිරීමට කාලසටහන් සකස් කර සියලුම කටයුතු සම්පූර්ණ කර තිබුණ ද,නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවෙන්නේ යැයි ප්‍රධාන මෙහෙයුම් කණ්ඩායමක් වන දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව ද ඔහු සදහන් කළා.
මෙම අවලංගු කිරීමට හේතුව සෞඛ්‍ය ගැටලුවක්ද, එසේ නැත්නම් වෙනයම් ගැටලුවක්ද? යන්න සොයමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ,බස්නාහිර පළාත් සීමා වෙන් අලුත්ගමපොලිස් සහ විශේෂ කාර්ය බලකා මුරපොළ හරහා දකුණු පළාතට ගමන් කිරීමට පැමිණි රථ වාහන 300 ක පුද්ගලයන් 1200 කට අධික පිරිසක් ආපසු හරවා යැවූ බව අලුත්ගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් චාමින්ද මහතා අද (19)පැවසීය.
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් සංචරණ සීමා දැඩි කරමින් කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතාට ලබාදුන් උපදෙස් මත පළාත් අතර සංචරණ සීමා දැඩි කර තවදුරටත් රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් පොලිසිය හා අනෙකුත් ආරක්ෂක අංශ මෙම පියවර ගෙන තිබේ .
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සීමා වේ අළුත්ගම පොලිස් බල සීමාවට අයත් ආරක්ෂක මුරපොළ නිලධාරීන් පැය 24 පුරා රාජකාරි යොදවා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා දකුණු පළාතට ගමන් කරන ජනතාව දැඩි පරීක්ෂාවට ලක් කර ආපසු හරවා යැවීම සිදුකරන බව පොලිසිය කියයි .
බස්නායක පළාතේ පදිංචිකරුවන් ඇතුළු තවත් පළාත් කීපයක පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ගතවූ දින2 තුළ දී වන්දනා, විනෝද , විවාහ මංගල , උපන්දින සාද, නෑගම් ආදී කටයුතු සඳහා දකුණු පළාතට ඇතුළුවී ගමන් කිරීමට පැමිණඇති අතර පොලිස් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔවුනට කරුණු අවබෝධ කර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව රථවාහන ස්ථානාධිපති රොෂාන් චාමින්ද මහතා කීහ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |