ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්.
ප්‍රධාන මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ නුවර අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට අදාල දෝෂය සකස් කිරීම සඳහා දුම්රිය මාර්ග නඩත්තු සේවයකයන් යොදවා ඇති බවයි.
මේ අතර හොරොව්පතාන පොලිස් වසමේ හොරොව්පතාන - මැදවච්චිය මාර්ගයේ දී යතුරුපැදි අනතුරක් සිදු වී තිබෙනවා.
වේගය පාලනය කරගත නො හැකි ව යතුරු පැදිය මාර්ගයේ පෙරළී ඇති අතර, බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය සිද්ධියෙන් මිය ගිය බව වාර්තා වෙනවා.
මියගොස් ඇත්තේ, වයස අවුරුදු 21ක ඉහළ අගුනච්චිය - හොරොව්පතානේ පදිංචිකාරියක්.
මාරවිල පොලිස් වසමේ පෑලියගොඩ - පුත්තලම මාර්ගයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් වයස අවුරුදු 73ක පුද්ගලයෙකු මිය බව වාර්තා වෙනවා.
ස්කැමල් රථයක, යතුරු පැදිය ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.
මේ අතර කැබිතිගොල්ලාවේ දී සිදු වූ ලොරි රථ අනතුරකින්, ලොරි රථයේ පසුපස ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ලොරි රථය වංගු සහිත ස්ථානයකින් ගමන් කිරීමේ දී රියදුරුට පාලනය කරගත නො හැකි වීමෙන්, ලොරි රථය කානුවකට පෙරළී ඇති බව පොලිසිය වාර්තා කරනවා.
ලොරියට ම යටවීමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරුවන් දෙදෙනා, කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය බව යි සඳහන් වන්නේ.
ඔවුන් වයස අවුරුදු 25 හා 28 යන වයස්වල පසුවන සියඹලාගස්වැව හා කැබිතිගොල්ලෑව ප්‍රදේශවල පදිංචිකරුවන්.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        