රන් පදක්කම් ලාභී රුමේෂ් හෙල්ල විසි කිරීමේ අවසන් තරගයට- අයෝමාල් අකලංක සහ සහය දිවීමේ කණ්ඩායමත් අද සටනට
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් සහ සුමේධ රණසිංහ එම අවසන් තරගයට එක්වීමට නියමිතව තිබේ.
රුමේෂ් මෙම වසරේදී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම, ඩයමන්ඩ් ලීග් ශූරතාව සහ වර්ල්ඩ් අල්ටිමේට් ශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත. පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.45ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, අයෝමාල් අකලංකද අද පස්වරුවේ මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අවසන් තරගයට එක්වීමට නියමිතව තිබේ. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.03ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මීටර් 100 පිරිමි සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයද අද පැවැත්වේ.
එම අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6.53ට ආරම්භ කිරීමට නියමිතව ඇත. 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.
සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර