2030 වෙද්දී සංචාරකයින් මිලියන 4ක් ලංකාවට -ඩොලර් බිලියන 8ක දැවැන්ත ඉලක්කයක් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ දේශීය ප්‍රජාවන් වෙත සාධාරණ ලෙස ළඟා වන අතරම, එම කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සදහන් කර තිබේ.
ඒ අනුව 2030 වන විට වාර්ෂිකව සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීමටත්, සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නැංවීමටත් රජය ඉලක්ක කර ඇති බවයි.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2026 ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ 2024 වසරේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
2024 වසරේදී සංචාරකයින් මිලියන 2කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 3.17ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ඇය සදහන් කළාය
2025 වසරේදී සංචාරකයින්ගේ පැමිණීම 2,362,521ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 3.22ක විදේශ විනිමය ආදායමක් උපයා ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
පරිසරයට සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්ට හානියක් නොවන පරිදි, දේශීය ප්‍රජාවන් සවිබල ගන්වන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණක් බවද ඇය අවධාරණය කළාය.
සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ගම්බද ප්‍රදේශවල කුඩා පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සියලු පාර්ශ්වයන් අතර සාධාරණ ලෙස බෙදී යා යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මේ අතර, සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ වැදගත්කමද ඇය පෙන්වා දුන්නාය.
විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන මගින් ජනනය කරන දැනුම හා පර්යේෂණ සංචාරක කර්මාන්තයේ ප්‍රායෝගික සංවර්ධනය සඳහා සෘජුවම යොදාගැනීමේ අවශ්‍යතාවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. උරුමසංරක්ෂණයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පාර්ශ්ව එක්ව සංචාරක ක්ෂේත්‍රය සඳහා නවෝත්පාදන විසඳුම් හඳුන්වාදිය යුතු බවද ඇය පැවසුවාය.
එමෙන්ම ඩිජිටල් තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පිළිබඳ දැනුමෙන් තරුණයින් සහ පාසල් සිසුන් සන්නද්ධ කිරීම තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා වැදගත් වන බවද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.
සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සංචාරක ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කරන බව පැවසූ ඇය, අනාගත වෘත්තීය ක්ෂේත්‍රයක් ලෙස සංචාරක ව්‍යාපාරය පිළිබඳ අවධානය යොමු කිරීමට පාසල් සිසුන් දිරිමත් කරන බවද කියා සිටියාය. බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එක්ව සංවිධානය කළ ජාතික සමුළුවකදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
“තිරසාර සහ සංස්කෘතිකමය වශයෙන් ඒකාබද්ධ වූ සංචාරක කර්මාන්තයක් සඳහා ඩිජිටල් නවෝත්පාදනය” යන තේමාව යටතේ පැවති මෙම සමුළුව ඉරිදා (27) බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.