විදේශ අමාත්‍ය විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි
By Kanchana
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ අද දිනයේදී අමාත්‍යවරයා මෙරට ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
අමාත්‍යාංශය සඳහන් කළේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වන "විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්ථනය කළමනාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්" යන තේමාවට අනුකූලව අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කරනු ඇති බවයි
මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.