නිල්වලා සහ ගිං ගඟ ආශ්‍රිත ජනතාවට හදිසි නිවේදනයක් - ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

Report

නිල්වලා සහ ගිං ගඟ ආශ්‍රිතව නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

  පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 24 වැනිදා මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ අතර, පසුව එය අවස්ථා කිහිපයකදී තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ඉදිරි පැය 24 සඳහාද අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.

විශේෂයෙන් එම ගංගා ආශ්‍රිත මාර්ගවල ගමන් කරන රියදුරන් සහ එම ප්‍රදේශවල පදිංචි ජනතාව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ