කිරින්ද ඇවිලෙයි - උණුසුම් තත්ත්වයක් - දින 10න් මාරාන්තික උපවාසයක් කරන බවට අනතුරු අඟවයි

Report

කිරින්ද ධීවර වරාය පිවිසුම වැලිවලින් අවහිර වීම පිළිබඳව වසර ගණනාවක් තිස්සේ බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබීමට එරෙහිව කිරින්ද ධීවර ජනතාව විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.

ඒ අනුව විරෝධතාවයේ නිරත ධීවරයින් වරායට ඇතුළුවීම වැළැක්වීමට වරාය ප්‍රවේශ ගේට්ටු වසා දමා තිබූ අතර, උණුසුම් තත්ත්වයක් හමුවේ විරෝධතාකරුවන් එම ගේට්ටු විවෘත කරගනිමින් වරාය පරිශ්‍රයට ඇතුළු වූ බව සඳහන්.

අනතුරුව උදෑසන 9.30ට පමණ එම ස්ථානයට පැමිණි වරාය කළමනාකාරවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

එම අවස්ථාවේදී සභාපතිවරයා ජංගම දුරකථනය ඔස්සේ රැස්ව සිටි ධීවරයින් අමතමින් ප්‍රකාශ කළේ ඉදිරි දින 10 ඇතුළත වරාය ප්‍රවේශයේ වැලි ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

කෙසේ වුවද ලබා දුන් පොරොන්දුව පරිදි දින 10ක් ඇතුළත මෙම ගැටලුවට විසඳුම් නොලැබුණහොත් මාරාන්තික උපවාසයකට යොමු වන බවට විරෝධතාවයේ නිරත ධීවර ජනතාව අවධාරණය කළ බව සඳහන්.

මේ රාජ්‍ය නිලධාරීන්ට සුබ ආරංචි රැසක් - නව දීමනාවක්, විද්‍යුත් යතුරුපැදි සමඟින් විදේශ පුහුණුවීම්

මේ රාජ්‍ය නිලධාරීන්ට සුබ ආරංචි රැසක් - නව දීමනාවක්, විද්‍යුත් යතුරුපැදි සමඟින් විදේශ පුහුණුවීම්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්