සියලුම සිසුන්ට විශේෂ දැනුම්දීමක් - අද දින පැවැත්වීමට නියමිතව තිබූ මහපොළ ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය 2024/2025 නොපැවැත්වේ
2026 සැප්තැම්බර් 28 වන දින එනම් අද දින පැවැත්වීමට නියමිතව තිබූ 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා වූ මහපොළ ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය නොවැළැක්විය හැකි හේතුවක් නිසා කල් දමා ඇති බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සියලුම සිසුන්ට දන්වා සිටියි.
ඒ අනුව 2026 සැප්තැම්බර් 28 වන දින කලින් සැලසුම් කර තිබූ උත්සවයට සහභාගී වීමට කටයුතු නොකරන ලෙසත්, මහපොළ භාර අරමුදලෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින ලෙසත් සිසුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව අඳාළ නිවේදනයේ සඳහන්.
එසේම මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ නව දිනය, වේලාව සහ ස්ථානය නිල මහපොළ සන්නිවේදන මාර්ග හරහා නියමිත වේලාවට දැනුම් දෙන බව දන්වයි.
තවද එහි දැක්වෙන්නේ ජාතික මහපොළ ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය කල් දමා ඇති බැවින්, කලින් සැලසුම් කළ පරිදි 2026 සැප්තැම්බර් 28 වන දින සිට බලපැවැත්වෙන ලෙස අදාළ විශ්වවිද්‍යාල මඟින් මහපොළ ශිෂ්‍යත්ව සහතික නිකුත් නොකරන බවයි.
එමෙන්ම සහතික නිකුත් කිරීමට සංශෝධිත විධිවිධාන, නව දිනය සහ අනෙකුත් අදාළ විස්තර සමඟ නියමිත වේලාවට සිසුන්ට දැනුම් දෙනු ලබන බව සඳහන්.
මේ අතර නවතම යාවත්කාලීන කිරීම් සහ නිවේදන සඳහා සිසුන්ට නිතිපතා මහපොළ නිල වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස උපදෙස් දී ඇත.