දුම්රියෙන් ගමන් යන අයට විශේෂ නිවේදනයක් - දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා
මීරිගම සහ පල්ලේවෙල අතර දුම්රියක් පිලී පැනීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කර ඇත්තේ මීරිගම සිට කොළඹ බලා ධාවනය කළ දුම්රියක් මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේදීම පිලී පැනීමකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සුලු දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය වැඩිදුරටත් දන්වා ඇත.