බෙංගාලයේ බිහිසුණු දුම්රිය අනතුරක්..07ක් මරුට..10කට බරපතලයි..(VIDEO)

Indian Train accident Bengal side India
By Aruna Jan 14, 2022 04:14 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් මගීන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

දුම්රිය මැදිරි 12ක් පිළිපැනීමට ලක්වීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරින් තවත් 45 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බව බෙංගාල රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මේ අතර මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now