අද උදෑසන ජීවිත දෙකක් අහිමි කරමින් සිදු වූ බිහිසුණු සිදුවීම ගැන රියදුරු කියන අමුතුව කතාව මෙන්න.(PHOTOS)

Sri Lanka Railways Train Crash Accident Railways
By Aruna Oct 18, 2024 07:33 AM GMT
Aruna

Aruna

Report

කොළොන්නාව සිට මඩලකපුව දක්වා ඉන්ධන රැගෙන ගමන් ගත් දුම්රියකට අද (18) අලුයම 3.10ට පමණ වනඅලි රංචුවක් ගැටුණු අතර ඉන් අලින් දෙදෙනෙකු මිය ගියේ මුළු රටම කම්පාවට ලක්කරමින්.

කෙසේවෙතත් මෙම බිහිසුණු අනතුරින් වයස අවුරුදු 10ත් 15ත් අතර අලි පැටවෙකු දැඩි අසාධ්‍ය තත්ත්වයක පසුවන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මින්නේරිය දුම්රිය ස්ථානයට ආසන්නයේ 146 සැතැපුම් කණුව අසල මෙම අනතුර සිදු වුණා.

මේ සම්බන්ධයෙන් අදහස පළ කරමින්, දුම්රිය රියදුරු සඳහන් කළේ 20 දෙනෙකුගෙන් පමණ අලි රංචුවක් දුම්රිය මාර්ගයට ගොඩ වූ බවයි.

“මෙතැනට එද්දී 3.10ට විතර ඇති. එතකොට ක්ෂණිකව අලි රංචුවක් පාර මැද්දට ගොඩ වුණා. විස්සක විතර රංචුක්. අපිට මීටර් 10ක් විතර දුර තියාගෙන තමා ඒගොල්ලෝ ගොඩවුණේ. අපට මොකුත් කරගන්න දෙයක් නැති වුණා.

නමුත් හදිසි තිරිංග උපරිම වශයෙන් ක්‍රියාත්මක කළා. අපි සාමාන්‍යයෙන් සතෙක් බල්ලෙක්වත් හප්පන්න උත්සහ ගන්නේ නැහැ. නමුත් අපට කරගන්න දෙයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඔක්කෝම වැදුණා.

මේ කෝච්චියේ තියෙනවා. ටැංකි අටක්. පෙට්‍රල් ටැංකි තුනකුත්, ඩීසල් ටැංකි පහකුත්. එක ටැංකියක තියෙනවා ලීටර් 50,000ක්. පෙට්‍රල් ටැංකි දෙකක් පාරෙන් ඉවතට පෙරළුණා.

ඒකේ පෙට්‍රල් අපතේ ගියා. අනිත් ඒවාට නම් ලොකු අවුලක් නැහැ. පීලිගත වෙලා තියෙනවා.”

GalleryGalleryGalleryGallery