දුම්රියේ ගැටුණු සද්ධන්තයා එම ස්ථානයේම මරුට..

Elephant Train accident Madakalapuwa Maduru oya
By Aruna Nov 17, 2021 04:14 AM GMT
Aruna

Aruna

Report

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන දුම්රියකට ඊයේ (16) රාත්‍රියේ දී වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ දී වනඅලියෙකු ගැටී එම ස්ථානයේදීම මරුමුවට පත්ව ඇති බව වැලිකන්ද වනජීවී කාර්යාලය පවසනවා.

මාදුරුඔය රක්ෂිතයේ සිට වනඅලි නිරන්තරයෙන්ම මෙම ස්ථානයෙන් එහාමෙහා මාරු වන අතර, දුම්රියෙහි ගැටී මෙලෙස මියගිය වන අලියා වයස අවුරුදු 25ක් පමණ උසින් අඩි නවයක් වන පිරිමි සතෙක් බවයි වාර්තා වන්නේ.

වනඅලි නිරන්තරයෙන් මෙම දුම්රිය මාර්ගය හරහා එහා මෙහා මාරු වන බවට සලකුණු කර ඇතත්, දුම්රිය රියදුරන් එය ආසන්නයේදී අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙසේ වනඅලි මිය යන බවත්, මීට පෙර ද වනඅලි අට දෙනෙකු මෙම ස්ථානයේදීම මියගොස් ඇති බවත්, වනජීවි නිලධාරීන් ප්‍රකාශ කරනවා.

මෙම වන අලියා දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදුව ඇති අතර, සිල්පර තිහක් පමණ ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව අලාභ හානි සිදු ව ඇති දුම්රිය මාර්ගය නැවත සකස් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් පිරිසක් අද (17) උදෑසන එම ස්ථානයට පැමිණි බව ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha