දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

By Sewvandhi Jul 15, 2023 10:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී මරදාන සිට දකුණු කළුතර බලා ධාවනයවූ අංක 716 මන්දගාමී දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබේ

මෙම කාන්තාව අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවයි, පානදුර දකුණු පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක් පමණ වයසැති කාන්තාවක් බවත් ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලීසිය පවසයි.

පානදුර දකුණු පොලීසිය මේ සම්බන්යෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.