21 හැවිරිදි තරුණයා සමඟ තිදෙනෙක් දුම්රියට බිළි වූ හේතුව හෙළිවෙයි..

By Aruna Oct 14, 2024 05:00 AM GMT
Report

කළුතර - කටුකුරුන්ද ප්‍රදේශයෙන් සෙනසුරාදා වාර්තා වූ බිළිඳෙකු ඇතුළු තිදෙනෙකුගේ මරණ සියදිවි නසාගැනීම් හේතුවෙන් සිදුවූවක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වේ.

21 හැවිරිදි තරුණයා තම දරුවා සමඟ දුම්රියට පැනීමට උත්සාහ කර ඇති අතර තුන්වන පුද්ගලයා ඔවුන් වැළැක්වීමට උත්සාහ කිරීමේදී මිය ගොස් ඇති බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..


මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකු, ඔහුගේ වසරක් වයසැති බිළිඳෙකු සහ 49 හැවිරිදි පුද්ගලයෙකි.

තම දරුවා සමඟ සියදිවි නසාගෙන මිය යන බව තරුණයා පවුලේ අයට දන්වා ඇති බවත්, පසුව ඒ බව දන්වා සිටි අසල්වැසියා ඔහු පසුපසින් දුම්රිය ස්ථානයට ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය.

මෙම පුද්ගලයා පියා සහ දරුවා දුම්රිය වේදිකාවෙන් ඉවත් කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන් සියලු දෙනාම දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිහිටි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය අතර දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.


මෙම තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත්, ඔහුගේ බිරිඳ මානසික ආබාධයකින් පෙළෙන බවත් පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

තරුණයා සහ ඔහුගේ දරුවා සියදිවි නසාගැනීමෙන් මියගොස් ඇති බවට පවුලේ ඥාතීන්ගේ ප්‍රකාශවලින් ද තහවුරු වී තිබෙනවා