රථවාහන ගමනාගමනය සීමා - රියදුරන්ට හා ජනතාවට විකල්ප මාර්ග - පොලිසියෙන් මහජනතාවට ඉල්ලීමක්
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් වීදියවත්ත සතර මහා දේවාලයේ වාර්ෂික පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම පිළිබඳව දැනුවත් කර ඇත.
අද (03) රාත්‍රී 09.00 සිට පසු දින අළුයම 03.00 දක්වා වීරගුල පොලිස් වසමේ වීදියවත්ත සතර මහා දේවාලයේ වාර්ෂික පෙරහර විථි සංචාරයsri කිරීමට නියමිත අතර පෙරහර දේවාලයෙන් ආරම්භ කර කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්‌ගය ඔස්සේ දේවාලය වෙත පිවිසීමට නියමිතයි.
පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුල එම මාර්ගයේ ඇති වන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්‌ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විකල්ප මාර්ග,
- මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තිහාරිය හන්දියෙන් වමට හරවා වාරණ මාර්ගයේ කලටුවාව පාලම ඔස්සේ ගමන් කර නෙල්ලිගහමුල ඉන්ධන පිරවුම් හල අසලින් දකුණට හැරී යක්කල කිරිඳිවැල මාර්ගය ඔස්සේ යක්කල හන්දියට පිවිස වමට හැරී කොළඹ දෙසට ගමන් කල හැකියි.
- කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන්ගන්නා රථවාහන සඳහාද ඉහත විකල්ප මාර්‌ගයම භාවිතාකර තිහාරිය හන්දියට පිවිස දකුණට හැරී මහනුවර දෙසට ගමන් කල හැකියි.