අද පැය 6ක විදුලිය විසන්ධි කිරීමක් - ප්‍රදේශ 4ක මහජනතාවට විශේෂ නිවේදනයක්
වවුනියාව - මන්නාරම අධි-වෝල්ටීයතා විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල සිදු කිරීමට නියමිත හදිසි අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, මන්නාරම දිස්ත්‍රික්කය හැර උතුරු පළාතේ අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල විදුලි සැපයුම අත්හිටුවන බව නිවේදනය කර ඇත.
මෙම විදුලි විසන්ධි කිරීම සවස 6:30 දක්වා ක්‍රියාත්මක වන බව සඳහන් කරමින් අද (3) ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කෙරිණි. මීට පෙර වාර්තා වී තිබුණේ මෙම විදුලි විසන්ධි කිරීම ඊයේ (02) දහවල් 12:00 සිට සවස 6:00 දක්වා ක්‍රියාත්මක වනු ඇති බවයි.
මේ අතර, අලුත් වාර්තාවට අනුව අද(3)) සෙනසුරාදා දිනයේ පැය 6 හමාරක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව ද නිවේදනය කර තිබේ. ඒ අනුව, අද දහවල් 12:00 සිට සවස 6:30 දක්වා කාලය තුළ විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතය.
මෙම දීර්ඝ කාලීන විදුලි විසන්ධි කිරීම හේතුවෙන් උතුරු පළාතේ ජනතාව තම දෛනික කටයුතු සිදු කර ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව ද සඳහන් වේ.